ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.
ගෙවී ගිය කාලය තුළ සිදු කරන ලද වනවගා හා පළතුරු වගා ව්‍යාපෘති සාර්ථක වූයේ නම් අද වනවිට රටපුරා විශාල වන ගහනයක් පවතින බවත් එසේ වූයේ නම් වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානිය අඩුවිය හැකිව තිබු බවත් බස්නාහිර පළාත භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.ඩී.යු.ඉන්ද්‍රජිත් මහතා පැවසීය.