පාර්ලිමේන්තුවට පිහි අරගෙන එන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පස්ස දොරෙන් ඇවිල්ලා සද්දෙන් බහුතරය සොයන්න ,පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන්න බැ ''යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරු තම අයිතිය වෙනුවෙන් නැඟී සිටිය බවත්.පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය විසදීමට ඇති එකම විසඳුම පාර්ලිමේන්තු ඡන්දය බවත් අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ සම්පූර්ණ වගකීම කතානායකවරයා බාර ගත යුතු බව හිටපු කතානායකවරයකු වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට කතානායක අපොහොසත් වෙලා යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.