ශ්රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාරව පිහිටුවන ලද අංක 274 කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සමථ කරුවන් වශයෙන් පත්වීම් ලැබූ සමථ කරුවන් නව දෙනෙකු සාම විනිසුරුවරුන් වශයෙන් පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී මාතර අතිරේක මහේස්ත්‍රාත් ආර්.වී.නිල්මිණී කේ.විතාරණ මහත්මිය ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.