ඕනෑම රටක් සංවර්ධනය කරා ගමන් කිරීමේ දී එරට ඓතිහාසික සංස්කෘතික මූලයන් අධ්‍යයනය කිරීම හා පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
ජාතික කාලගුණික සැලැස්ම මෙරට සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම උදෙසා විධිමත් පෝෂණීය ගුණයෙන් යුතු ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙලක් කියාත්මක අතර ඒ යටතේ දිවයිනේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ පාසල් 1000ක් මූලික කර ගනිමින් ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 03 වනදා දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.