මහවැලි ජනපදලාභීන් සඳහා "රන්බිම ඔප්පු " ලක්ෂයක් පිරිනැමීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26 ) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියා කරන බොහෝ අන්තර්ජාතික ආයතන ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එක් ආකාරයකටත් බලගතු රටවලට තවත් ආකාරයකටත්, දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ “සුව උදාන” ජංගම සෞඛ්‍ය වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 37ක දුරින් යුත් කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර දැනට මෙහි වැඩ කටයුතු 25%ක් පමණ අවසන්ව පවතින බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.