අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ බිහි වූ කෘතහස්ථ දේශපාලඥයකු වූ හිටපු ප්‍රථම විධායක ජනපති වූ ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම සැමැරුම අද (17) පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ දි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    රත්නපුර සමන් දේවාලය ප්‍රතිසංස්කරණයෙන් පසු එළැඹෙන සැප්තැම්බර් 20 දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    2018 සැප්තැම්බර් 10 වැනි දිනට යෙදි තිබු ලෝක සියදිවි නසා ගැනීම වළක්වා ගැනිමේ දිනය වෙනුවෙන් ලංකාවේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විණි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.ඒ අතර "සියදිවි නසා ගැනිම් වාර්තාකරණය පිළිබඳ මාර්ගෝපදේශන මාලාව" නමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ මඟින් මාර්ගෝපදේශන මාලාවක් පසුගිය දා එළි දැක්විණි.

    ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාල තුමාගේ 154 වැනි ජන්ම දින සාංවත්සරික ජාතික උත්සවය 2018 සැප්තම්බර් 17 වන දින ප.ව 3.00 සිට 5.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    මේ සඳහා ත්‍රෛනිකායික අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ද ලැබෙන බව ඇමතිවරයා පැවසීය.

    මීට අමතරව එදින පෙරවරුවේ බොරැල්ල කනත්තේදි ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කර තිබෙන ස්මාරකයට උපහාර දැක්විමක් ද සිදු කෙරේ.දැහැමි සමාජයක්,දැහැමි පවුලක් බිහිකිරිමේ අරමුණින් එතුමාගේ ආදර්ශ සමාජ ගත කිරිම මෙහි අරමුණ බව ඇමතිවරයා කිය.

    මෙරට නිදහස,බෞද්ධ අධ්‍යායනය,බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරිමේ පුරෝගාමියා වු ධර්මපාල තුමාගේ ජාතික මෙහෙවර පිළිබඳව වර්තමාන දරුවන් දැනුම්වත් කිරිමේ අභිලාෂයෙන් මෙම උළෙල සඳහා පාසල් සිසුන් 800ක් හා අනගාරික ධර්මපාල තුමාගේ වෙනුවෙන් පවත් වනු ලැබු රචනා හා කථික තරඟවලින් ජයග්‍රහණය කරනු ලැබු ළමුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය සිදු කිරිමට නියමිතය.ධර්මපාල චින්තනය ප්‍රචලිත කිරිම මෙම උළෙලේ අරමුණ බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya