ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මන්මුණෙයි පත්තු සහඑරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද(29)ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 10ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ දින විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජිවි වගාව බවට පත්කිරීම සදහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරකයන්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක් හඳුන්වා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30 ) සවස 5.30ට කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු කිරීමට නියමිතය.