මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සියලුම පුස්තකාලවලට පුස්තකාලාධිපතිවරුන් පත්කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අපරටේ සිදුවන සීග්‍ර නාගරීකරණය සමඟ අපජලය පරිසරයට මුදාහැරීමෙන් වන හානිය වළක්වා ගැනීම පිණිස නළ මඟින් ඒවා බැහැර කරමින් දුගඳක් ඇති නොවන ලෙස පිරිසිදු කොට බැහැරකිරීම සඳහා තම අමාත්‍යාංශාය මඟින් ක්‍රියත්ම්ක කරන අප ජල කළමනාකරණ ව්‍යාපෘති සඳහා මහජනතාවගේ සහය ලැබිය යුතුව ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    ප්‍රවීන සාහිත්‍යධර ටෙලිනාට්‍ය සිනමා තිර රචිත පුවත්පත් කලාවේදී සෝමවීර සේනානායක මහතා සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයෙකි.

    පාසල් ශිෂ්‍ය සමයේදී පුවත්පත් සඟරා සඳහා ලිපි ලියමින් ලේඛන කලාවේ අත්පොත් තැබූ ඔහු 1966 වසරේ විශ්වවිද්‍යාලයෙන් පිටවී ලේක් හවුස් ආයතනයේ රැකියාවට පිවිස මුල් කාලයේ චිත්‍ර කතා සඳහා කතා නිර්මාණය කරන්නේය. ලංකාවේ පළමු චිත්‍ර කතා පත්තරය වූ සතුට පුවත්පතේ චිත්‍ර කතා කිහිපයක් ලියමින් සාම්ප්‍රදායික චිත්‍ර කතා කලාවට නව මුහුණුවරක් ගෙන දෙන්නට සමත් විය.

    පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරන අතරම, 1972 වසරේ මාවතේ ගීතය නවකතාව පළ කිරීම සමග ඔහු නවකතාකරුවෙකු ලෙස අභිශේක ලබන්නේය. පොදු ජන හදට සමීප කතා රසයෙන් අනූන නවකතා ලියමින් පාඨක ප්‍රසාදය දිනාගත් සෝමවීර සේනානායකයන්, රූපවාහිනියේ ආගමනයත් සමග එකී නවීණ තාක්‍ෂණය සහ සාහිත්‍ය කලාවේ සුසංයෝගය මනාව වටහා ගනිමින් ටෙලි තිර කතා රචනයට පිවිසියේය. සෝමවීරයන්ගේ පළමු ටෙලි තිර කතාව ඔහුගේම නවකතාවක් ඇසුරෙන් ලියවුණු යශෝරාවයයි. නවකතාවක් ටෙලි නිර්මාණයකට නැඟී අතිශය සාර්ථක වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.

    ඔහු විසින් රචිත ප්‍රාසාංගික ටෙලිනාට්‍ය 30 ක් සහ 200 කට අධික ඒකාංගික තිර රචනා අතර, පළිඟු මැණිකේ, දූදරුවෝ, අසල් වැසියෝ වැනි ටෙලි නිර්මාණ අදත් ප්‍රේක්ෂක මනසින් මැකී නොවන සාර්ථක නිර්මාණ වේ. සිනමා තිර රචනයට ද දස්කම් පෑ ඔහු සමස්ත ජීවිතය සාහිත්‍ය කලාව වෙනුවෙන්ම කැප කළ අපේ කාලයේ සුවිශේෂ සාහිත්‍යධරයෙකි.
    සෝමවීර සේනානායක මැතිතුමාගේ සදානුස්මරණීය සාහිත්‍ය කලා මෙහෙවරට ගෞරවනීය ආචාර්ය පුදකරමින් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය
    2018 ජුනි 09

    ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා බලාපොරොත්තු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya