විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටලු සහ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීමේදී වගකිවයුතු සියලු ආයතන, සිය වගකීම් පිළිබඳ නිසි අවබෝධයෙන් මෙන්ම මානුෂිකත්වය ද පෙරදැරි කර ගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිවයුතු සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන සියල්ල ඒකාබද්ධව“අපි වවලයි අපි කන්නේ” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සංවර්ධනය කිරීම පිළිබඳව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.