අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාව,නේපාලය සහ පකිස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා මහත් ගෞරවපූර්වකව ඊයේ (29) පිළිගනු ලැබීය.
හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම ඊයේ (29) ආරම්භ විය.
සර්වඥ ධාතූන් වහන්සේලාගේ එක් කොටසක් පාකිස්ථානයටත්, තවත් කොටසක් ඉන්දියාවටත් අයිතිව තිබූ නිසා මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මීට පෙර ජනතාවගේ වන්දනා මාන කටයුතු සඳහා ප්‍රදර්ශනය කර නොතිබුණ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී ලංකාවේදී මෙම ධාතූන් වහන්සේලා බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා ප්‍රදර්ශනය කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඊයේ (29) අරලිගහ මන්දිරයේදී පැවසීය.