හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය අප්‍රේල් 29 වන දින ප.ව 7.00ට අරලියගහ මන්දිරයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උළෙල පසුබිමින් පරිත්‍රාණ ධර්ම දේශනයක් සේ ඇසෙනුයේ මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකවත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සහ විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයකුගේ උත්තුංග දැක්ම පිළිබඳ ප්‍රකාශනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ වෙසක් පණිවිඩයෙන් කියා සිටී.
කුමන විවේචන එල්ලවුවද රට සහ ජනතාව වෙනුවෙන් ගතයුතු සෑම සුබවාදී පියවරක්ම ගැනීමට රජය පසුබට නොවන බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී.බු.ව 2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (28) පස්වරුවේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.