මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය අරලියගහ මන්දිරයේදී අප්‍රේල් 29 වන දින සිට මැයි මස 02 වන දින දක්වා පැවැත්වේ.

     

    වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව 2018.04.30 (හෙට)  දින මරදාන සිට දකුණු කළුතර දක්වා පෙ.ව.04.30 ට සහ පෙ.ව. 07.40 ට විශේෂ දුම්රිය දෙකක් සහ පෙ.ව.01.00 ට මරදාන සිට අළුත්ගම දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.

    තවද පෙ.ව.06.30 ට සහ ප.ව.03.20 ට දකුණු කළුතර සිට මරදාන දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිත අතර පෙ.ව.09.20 ට දකුණු කළුතර සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.

    මීට අමතරව ප.ව.12.25 ට වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වාත්, රාත්‍රී 08.30 ට අළුත්ගම සිට මරදාන දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතයි.

    එමෙන්ම ප.ව.06.50 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියකුත්, පෙ.ව.01.00 ට කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දක්වා එක් දුම්රියක් සහ රඹුක්කන දක්වා එක් දුම්රියක් වශයෙන් විශේෂ දුම්රිය තුනක් ධාවනය කෙරේ.

    මීට අමතරව මැයි මස 01 වන දින ක්‍රියාත්මක කෙරෙන විශේෂ දුම්රිය සැලසුමට අනුව පෙ.ව.01.00ට මරදාන සිට අළුත්ගම දක්වාත්, කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙනු ඇත.

     

     

     

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය සේවය පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කොට ඇත.

    බිංගිරිය, දේවගිරි රාජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ දෙවැනි දිනය වන අද (29) දින වෙසක් කලාපය විවෘත කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතාගේ සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ . සී. අලවතුවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya