මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අද (28) ප.ව. 1.45ට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.
ඩොලරයේ අගය ඉහළ යෑම නිසා රුපියල අවප්‍රමාණවීමෙන් සිදුවන පාඩුවට මුහුණ දිය හැක්කේ අපේ අපනයන නිෂ්පාදන තව තවත් වර්ධනය කිරීමෙන් යැයි ජාතික සේවක සංගමයේ උප සභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පවසයි.
වෙසක් උත්සවය වෙනුවෙන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කතරගම ඓතිහාසික කිරිවෙහෙර සෑරඳුන් වෙනුවෙන් කප්රුක් පුජාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු
කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය අප්‍රේල් 29 වන දින ප.ව 7.00ට අරලියගහ මන්දිරයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.