වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුදුවීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරන වෙසක් මහා මංගල්‍යය මෙවරත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප සමරන්නේ දැඩි ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුක්තවය.
ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනයක් අරලිය ගහ මන්දිරයේදී අප්‍රේල් 29 සිට මැයි 02 දක්වා පැවැත්වේ.