මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    රාජ්‍ය වෙසක් කලාපය පවතින බිංගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන සියලු ම දන්සැල් පරීක්ෂ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    බුදු දහමටත්, බුදු සසුනටත් ගරු කරන දැහැමි ජනතාවක් ලෙස බුදුන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය තුළ අප කොතෙක් දුරට ගමන්කරමින් සිටින්නේද යන්න සිතා බැලීමට මේ වෙසක් උත්සවය කදිම අවස්ථාවකි.

    අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවරත් අති උත්කර්ෂවත්ව පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබේ.

    අරලියගහ මන්දිරය හා ගංගාරාම විහාරස්ථානය අවට පරිශ්‍රය තුළ පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කළාපයෙහි, ඉන්දියාවේ හා පාකිස්ථානයේ සිට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද, නේපාලයෙන් හා භූතානයෙන් මෙරටට වැඩම කරවන ලද ඉපැරණි දීපංකර බුද්ධ ප්‍රතිමාව, ශාක්‍යමුනි බුද්ධ ප්‍රතිමාව, මෛත්‍රිය බෝසත් ප්‍රතිමාව ඇතුලූ කෞතුක වස්තු රැසක් ද ප්‍රදර්ශනය කෙරේ.

    ශ්‍රී ලංකාවට ප්‍රථම වරට වැඩම කෙරෙන සාරානාත්හි වරනාසි නුවර වැඩසිටින ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේල ද, පාකිස්ථානයේ තක්‍ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද අරලියගහ මන්දිරයේ තැන්පත් කෙරෙන අතර එම ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මහජනතාවට උදාවේ.

    බුද්ධ රශ්මි වෙසක් කලාපය 2018.04.29 දින පස්වරු 7.00 ට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ.
    අප්‍රේල් මස 29 වන දින පස්වරු 7.00 සිට මැයි 03 වන දින පෙරවරු 4.00 දක්වා අඛණ්ඩව දිනය පුරා සර්වඥ ධාතූන්වහන්සේලා ඇතුලූ බෞද්ධ කෞතුක වස්තු වැඳපුදා ගැනීමට මහජනතාවට හැකි බව සංවිධායක මණ්ඩලය පවසයි.


    මෙම බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළ රාජ්‍ය ආයතන හා පළාත් රාජ්‍ය ආයතන මෙන්ම, සියලූ ආරක්‍ෂක අංශ විසින් සකස් කරන ලද ප්‍රදර්ශන කුටි ද, සංස්කෘතික සංදර්ශන, භක්ති ගීත සංදර්ශන හා ආහාර පාන ඇතුලූ දන්සැල් රැසක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya