“තෙරුවන් ගුණ සුවඳ අමා - දහමින් ලොව සැනසේවා” යන තේමාව යටතේ පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන 2018 වෙසක් බැගි ගී වැඩසටහන අද (අප්‍රේල් 26 වන දින) පස්වරු 06.30 ට බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදි පැවැත්වේ.
2018-2037 කාල පරාසය සඳහා පිළියෙල කරන ලද දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත උපදෙස් දුන්නේය.
කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්යක්ෂ ජනරාල් ඩේවිඩ් හාට්මන් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවර දී පසුගිය දා (අප්‍රේල් මස 19 සිට 25 දින තෙක්) පැවති විසිපස්වැනි අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් තිදෙනෙකු ඉදිරිපත් වූ අතර, ඔවුන් තිදෙනා ම එම තරගවලින් සුවිශේෂ ජයග්‍රහණ ලබාගැනීමට සමත් ව තිබේ.