ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය සහ පාකිස්ථානයේ ෆයිසලාබාද් හි උක් පර්යේෂණ සංවර්ධන මණ්ඩලය හා එහි උක් පර්යේෂණ ආයතනය අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් නව අවභෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ.
''මහර' වෙසක් කලාපය''ට සමගාමීව ඇස් සහ සිරුරු දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක අද (25) සිදු විය.