ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ළමා ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ප්‍රවෘත්ති වාර්තාකරණය කළ යුතු අන්දම පිළිබඳව විශේෂ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විට සකසා ඇති බව ජාතික ළම ආරක්ෂක අධිකාරිය පවසයි.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මග පෙන්වීම් යටතේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සංවිධානය කරන ලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ප්‍රබල සෞඛ්‍ය හ සමාජීය ගැටළුවක් වන වියළි කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාප්තව ඇති හේතුව සොයා නොගත් වකුගඩු රෝගය වළක්වාලීම සහ පානීය ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම ඉලක්ක කරගත් පර්යේෂණ 03ක් සඳහා පර්යේෂණ ප්‍රතිපාදන සපයා දී තිබෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි.
දේශීයව නිපදවන පළතුරු අස්වැන්න එම වාරය තුළදී එකවර ලැබීමේදී, වෙළඳපල දක්වා පැමිණීමේදී සහ වෙළඳපල තුළදී අපතේ යන ප්‍රමාණය අවම කිරීම සඳහා පළතුරු එම ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරිමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය(ITI) සමත්ව ඇත.