ප්‍රමිතියෙන් තොර දැල් නිෂ්පාදනය කළ සමාගමකට වහාම අදාළ මුදල එම දැල් මිල දී ගත් ධීවර කාර්මිකයින්ට ගෙවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කරයි.
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහකාරි සිදුවීමෙන් හානියට පත් දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන් හි හානියට පත් දේපල යථා තත්තවයට පත්කිරීම සහ අළුත්වැඩියා කිරීමේ කටයුතු මෙන්ම නුවර - මහියංගනය මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ කටයුතු මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් ඉතා දුෂ්කර අභියෝගයන් මධ්‍යයේ ඊයේ (16) දින ආරම්භ කරන ලදී.
ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව දන්වා සිටිමු.