මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සබන් නිෂ්පාදකයින්ගේ ගැටළු පිලිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අවධානය යොමු වී තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙරට අධිකරණ කටයුතු සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන බවත් එහි කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය සහාය උපරිම වශයෙන් ලබා දෙන බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් ජාතිකත්වය පදනම් කරගෙන පාසල් බිහි වීම ජාතීන් අතර සාමය සහ සංහිඳියාව පලුදු කිරීමට හේතු වූ බව මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
මධ්‍යම පළාතේ පැවති ගුරු පුරප්පාඩු පුරවමින් තවත් උපාධිධාරී ගුරු පත්වීම් 439 ක් ප්‍රදානය කිරීම ඊයේ (16) මහනුවර පල්ලේකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදු විය. ඒ අනුව පත්වීම් ලද මෙම උපාධිධාරී ගුරුවරුන් එළඹෙන 19 වැනි සදුදා දිනයේ සිට ඔවුන් වෙත හිමි වූ පාසල් වෙත වාර්තා කළ යුතුව ඇත.