70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා ජාතික ශිෂ්‍ය භට බලකාය ඇතුළුව 7104ක් සහභාගී වීමට නියමිතය.
සියළු දෙනම ශ්‍රී ලාංකිකයන් ලෙස එකම ජාතියක් ලෙස ලොව ඉදිරියේ අභිමානවත් අයුරින් නැගී සිටිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.
70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ,මදර් ශ්‍රී ලංකා, සංවිධානය විසින් පවත්වන ලද වීදි සැණකෙළියේ සමාප්ති උත්සවය සහ පාසල් ගීත සහ නාට්‍ය තරඟවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ, විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.