ඉන්ධන බෙදා හරීමේ තත්ත්වය නොවැම්බර් 09 දින යථා තත්ත්වයට පත්වෙන බවත් තෙල් රැගත් ඉන්ධන නැව හෙට (8) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දැනට මෙට්ට්‍රික් ටොන් 10,000 ක තෙල් සංචිතයක් පවතින අතර දිනකට තෙල් මෙට්ට්‍රක් ටොන් 2500 ක් ඉන්ධන පිරවුල්හල් සඳහා නිකුත් කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඡයාරූපකරණයේ විශිෂ්ටත්වය අගයමින් ජාත්‍යනතරයේ ඉහළ පිළිගැනීමක් සහ සම්මානනීය ඇගයීමක් වන ''ඡායාරූප විශිෂ්ටතා '' සම්මානයෙන් ඇගයීමට පාත්‍රවීමට ශ්‍රී ලාංකීය ඡායාරූප ජනමාධ්‍යවේදිණියක වන යමුනී රශ්මිකා පෙරේරා සමත්විය. මෙම සම්මානය මෙතෙක් ශ්‍රී ලාංකික කාන්තා ඡායාරූප ජනමාධ්‍යවේදිණියක විසින් ලබාගත් ප්‍රථම අවස්ථාව වෙයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉදිකළ සිව්මහල් සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල (02) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.