ගෝත්‍රික යුගයකට ගිය රටක් අප වෙනස් කිරීමට හැකි වූ බවත් පසුගිය කාලයේ වැරදි කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර කඩිනමින් දඬුවම් ලබාදීමට කටයුතු කරන බව අධිකාරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.
නැවත වරක් ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගෙන ගොස් රට ගිනි තැබීමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය.
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතිනබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ ස්ථිර නිවාස නොමැති ධීවර පවුල්වලට නිවසක් ඉදි කර ගැනීම සදහා මෙන්ම අඩක් නිම කළ නිවාසවල ප්‍රමුඛතාව මත සම්පුර්ණ කළ යුතු කොටස් නිම කිරීම සදහා මුල්‍යාධාර පිරිනැමීමේ වැඩ සටහනක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.