පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (02) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.
දේශපාලන අවශ්‍යතා ඉටු කරගැනීමට වචන කීපයක් අල්ලාගෙන ව්‍යවස්ථා බිල්ලෙක් මවන්න උත්සහ කරන බවත් රටේ මිනිස්සු ඒවා පිළිනොගන්නා බවත් රජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
ආර්ථික සැලසුම් කරණයට ඒකීය භාවය වැදගත් වන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
බෞද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීමට කවුරුත් විරුද්ධ වන්නේ නෑ.භීතිකා ඇතිකරන්න සමහරු උත්සහ කරනවා. ජනතව මුලා කිරීමේ වැඩපිළිවෙලක් යනවා යැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.