පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතාව පාලනයේ කොටස්කරුවන් වන ක්‍රමයකට අප යා යුතු බවද නව ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතු බවට මතයක් රටතුළ ගොඩනැඟී ඇති බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    රටේ මානව හිමිකම් නැවත ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදා වී තිබෙන බවත් මානව හිමිකම් පිළිබඳ කතා කරන අයට එරෙහිව පහර නොගැසිය යුතු බවත් ඔවුන්ට ඒ සඳහා කතා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සියලු දෙනා එකඟතාවයකින් කටයුතු කරමු. අප රටක් හැටියට ඉදිරියට යමු. අපි සාකච්ඡා කර විසඳුමක් ලබාදෙමු. අපි ජාතික එකඟතාවයක පැමිණෙමු. රටේ ඒකීයභාවය නැති කිරීමට අපිට  වුවමනා නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ විශ්වසනීයත්වයක් හා නීත්‍යාණුකුලභායක් දකිනවා. ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ රටේ පළමු වරටයි රටේ සමස්ත ජනතාව සහභාගී වන්නේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළින් නොබෙදුණු ස්වාධීන ශ්‍රී ලංකාවක් තහවුරු වෙනවා.රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ වෙනවා. මෙහි අරමුණ සාමකාමී සමෘද්ධිමත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම යැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya