නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් අලුත් ප්‍රවේශයකට ගමන් කළ යුතු බවත් ඒ සඳහා ලැබී ඇත්තේ හොඳ අවස්ථාවක් බවත් ජාතිවාදය හා ආගම්වාදය කරපින්නාගෙන රට ගිනි තැබීමට ඉඩ නොදිය යුතු බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රට නව දිශාවකට ගමන් කරවන්නට හැකි වන බවත් එක සමාන පුරවැසිභායක් රටේ ඇති කිරීම තුළින් ආර්ථික සමෘද්ධිය ඇති කළ හැකි බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
වචනවලට කොටු වී ව්‍යවස්ථා සෑදීම කළ නොහැකි බවත් වැඩි පිරිස පිළිගන්නා ව්‍යවස්ථාවක් සෑදිය යුතු බවත් මේ සඳහා සැගවුණු න්‍යාය පත්‍ර නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.
නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව ජනතාව අඳහස් ප්‍රකාශ කර තිබෙනවා. සමහරු දේශපාලන හේතු මත නව ව්‍යවස්ථා යෝජනාවලට විරුද්ධ වීම කණගාටුදායකයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.