'සරිලන නිවහනක උරුමය සැමට' තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සමරුව අද (02), මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මූලික වගකීමක් වන අතර, භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළයුතු බව ජනාධිපතිතුමා පවසයි.
දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්පේ‍්‍රෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (02) පස්වරුවේ විවෘත කෙරිණි.