පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සාර්ක් රටවල කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව ජනපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය.

    යුද්ධ හමුදාවේ දක්ෂතම අසරුවන් පස්දෙනා අතරින් දියතලාව යුද්ධ හමුදා තුරඟ තරඟ සමාජයේ සාමාජික තුරඟ තරඟකරුවන් තිදෙනෙකු, ශ්‍රී ලංකා තුරඟ තරඟ සංගමය (Sri Lanka Equestrian Association) විසින් මහනුවරදී පවත්වනු ලැබූ කඳුකර තුරඟ ධාවන තරඟාවලියේදී පිරිනමනු ලබන කුසලාන 5 න් තුනක්ම දිනාගැනීමට සමත්වී ඇත. ජයග්‍රාහී යුද්ධ හමුදා අසරුවන් ප්‍රථම වතාවට එවැනි කඳුකර තුරඟ තරඟාවලියක් (Cross Country) සඳහා සහභාගී වූ අයවළුන් බවද වාර්තා වේ.

    සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise – 2017) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම් වල දීර්ඝකාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ජිවත්වන ඉඩමට හිමිකමක් ප්‍රකාශ කිරීමට නොහැකිව සිටි ජනතාවට හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරය බළන්ගොඩ, ඉඹුල්පේ, කහවත්ත, ඇලපාත, සහ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවර්ණය වන පරිදි දෙදිනක් පුරා  ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධන්ත්වයෙන් සාර්ථකව පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya