පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට සැපත් විය.

    ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය  අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් මාතලේ දී පැවැත්විණි.


    එහිදී අඳහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා:  ඕනම සතුරෙකුට, සතා සිව්පාවකුට කරදරයක් වුණොත් අනේ අපොයි කියන්න සිංහල බෞද්ධයන් පුරුදු වෙලා ඉන්නවා. අපි කොපමණ පටු තැන්වලට යනවාද? සමහර අය මේ සිද්ධිය ජාතිවාදයට තල්ලු කරන්න උත්සාහ ගන්නවා.

    එහෙම කරන්නඑපා.මුහුදේ අනාථ වන ඕනම කෙනෙක් ගෙනවිත් එක්සත් ජාතීන්ගේ නීතිරීති අනුව කන්නබොන්නදීලා පිටත් කරනවා.දැන් බලන්න ඒ සඳහා ගෙන යන්න හදන පණිවිඩය. එම පණිවුඩය කොයිතරම් අබෞද්ධ ද කියල බලන්න. අපි දේශපාලනයේ වෛර කරන්න ඉගෙන ගෙන නැහැ. දේශපාලනයේ වෛර කරල යහපතක් වෙන්නේ නැහැ.

    ඒ නිසා අපි ආණ්ඩුව ලෙස බලන්නේ ශක්තිමත්, සාර්ථක ඉලක්ක සම්පූර්ණ කරන්න.ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙනවා. ප්‍රධාන දේශපාලන බලවේග දෙක එකතු වෙලා මේ රට දියුණු කරන්න හදනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගෙන යනවා. එයටත් වැරදි මත ගෙන යනවා. ඒ අනුව අපි රට වෙනස් කරල ඉදිරියට ගෙන යන්න හදනවා. එහි නියමුවන් රාජ්‍ය නිලධාරින් වන ඔබ යැයි කීය.

    මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානයක්ද සිදු විය. මෙයට සමගාමීව මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රුපියල් ලක්ෂ 450 ක වියදමකින් යුතුව ඉදි කළ නව තෙමහල් ගොඩනැගිල්ලද අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

    මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, වැවිලි කර්මන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ,රෝහිණී කවිරත්න,මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩී.බී.ජී.කුමාරසිරි යන මහත්ම මහත්මීහු එක් වූහ.

    උතුරු පළාතෙත්, හම්බන්තොට, අනුරාධපුර සහ මොණරාගල ප්‍රදේශවලත් විටින්විට හමන තරමක් තද සුළං (පැ.කි.මී.40-50) අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya