පාර්ලිමේන්තුව තුළ සැළකිය යුතු සුබවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත් පාර්ලිමේන්තු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ජනමාධ්‍යවේදීන්ට කළ හැකි කාර්යයක් බවත් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව වාර්තා කිරීමේ දී ආයතනවලට අනුබද්ධ නීති රීති පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාතිබිය යුතු බවත් වාර්තාකරණයේ දී තොරතුරු නිවැරැදිව ලබාදීම වැදගත් බවත් පාර්ලිමේන්තු වාර්තාකරණය අතිශය වගකිව යුතු කටයුත්තක් බවත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහ ලේකම් ( වැඩබලන මහලේකම් ) නීල් ඉද්දවල මහතා පවසයි.
පාර්ලිමේන්තු ප්රවෘත්ති වාර්තා කිරීමේ කටයුතුවල නියුතු පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ හැකියා සහ වෘත්තීය කුසළතා ප්‍රවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහනක් ඊයේ (17) පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ මාධ්‍ය කටයුතු සිදු කරන ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් අංග සම්පූර්ණ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (18) පැවසීය.