රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාම් සහ ගංවතුර හේතුවෙන් මියගිය ජනතාවට පිං පැමිණවීම හා විපතටපත් ජනතාවට සෙත් පැතිම වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාමය පිංකමක් පැවැත්විමට කටයුතු සංවිධානය කරන ලදි.
ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා පුහුණුවන මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට කොරියන් භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහන ඇරඹේ.