ක්‍රි.පූ 02 සියවසට අයත් ඓතිහාසික බුද්ධංගල පුදබිමෙහි සෑම වසරකම පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කොට පැවැත්වෙන බුද්ධංගල චෛත්‍ය ගර්භයෙහි තැන්පත්කොට ඇති සර්වඥ ධාතුන්වහන්සේ සහ අග්‍ර ශ්‍රාවක ධාතූන්වහන්සේලා පිටතට වැඩම කරවා මහජන වන්දනාවට විවෘත කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රජයේ නිලධාරීන් ගංවතුර ආපදා සහන සැළසීමේදී ප්‍රශංසනීයව ක්‍රියා කළ බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
ශ්‍රී ජයවර්ධන මහ රෝහල් භූමියේ ඉදිකිරීමට යෝජිත හෙඳ පීඨයට ලබන මාසයේ මුල්ගල තබන බවත් ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 200ක් බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.