අපේ රටේ රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සදහා ඇතුළත්වන රෝගීන්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝගවලින් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ආපදාවට පත් ව අනාරක්ෂිත තැන්වල පදිංචි වී සිටින අය අලුතින් පදිංචි කිරීමට කටයුතු කළ යුතු බවත් අනාරක්ෂිත තැන්වල නොසිට ආරක්ෂිත තැන් වලට පැමිණීමට කටයුතු කරන ලෙසත් අවශ්‍ය ඉඩම් සොයා දෙන අභියෝගය බාර ගන්නා බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ආපදා අවස්ථාවේ දී සහන සේවා කටයුතු වල ශක්තිය වුනේ රාජ්‍ය ආයතනයි.ශක්තිය ලබාදුන්නේ රාජ්‍ය නිලධාරීන්.රජයේ නිලධාරීන් අවතක්සේරු කිරීම වැරදියි යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරෙරා මහතා පවසයි.
ජීවිත,දේපළ හානී වූ සියලු දෙනාටම වන්දි ගෙවීමේ ශක්තිය රජයට තිබෙන බවත් වන්දි ගෙවීමට රජය කටයුතු කරන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.