දුර ගමන් බස් රථ නවතා තබන ආපනශාලාවල සහ හෝටල්වල සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර පානවල සෞඛ්‍ය ආරක්ෂිත බව පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීමේ අරමුණින් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2016 වර්ෂයේ ගත වූ මාස 8 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 34773ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.