ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් දැනට පවත්නා මැතිවරණ ක්‍රියාවලියේ ප්‍රායෝගිකත්වය කියා දීමේ ආදර්ශ මැතිවරණයක් දිවයිනේ පළමු වරට ගාල්ල නගර ශාලවේ දී පසුගිය දා පැවැත්විණ.
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන, ආයුර්වේද පහසුකම් ඇති සියලු සංචාරක හෝටල්වලට සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙක් සිටිය යුතු බවට නීතියක් ගෙන එන බව සෞඛ්‍ය,පෝෂණ හා ආයුර්වේද වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අපගේ රට වෙනුවෙන් අති විශාල සේවයක් විදෙස්ගත ශ්‍රමිකයන් ඉටුකරන බවත් විදේශ රැකියා සඳහා නුපුහුණු කාන්තාවන් යැවීම සිදු නොකළ යුතු බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අපේ රට ගැන අලුත් පිළිගැනීමක් ලැබී තිබෙන නිසා විදේශ රැකියා සොයාගැනීමට හැකි වී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.