හම්බන්තොට වරාය කර්මාන්ත කලාපය ඉදිකිරීමේ දී වනජීවීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත් වනජීවී ප්‍රදේශ කර්මාන්ත පුරයට ඇතුළත් නොකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
මූල්‍ය නගරය පිළිබඳ වාර්තාව සකස් කළ පසු පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත් දැනට ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ බරවා රෝගය සීඝ්රයෙන් පැතිර යෑමක් සිදු නොවන බවත් බරවා රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් සහතිකය ලබාගෙන තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසී ය.
විශ්වවිද්‍යාලවලට තාක්ෂණ පීඨ පහක් මේ වසර අවසන්වීමට පෙර ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.