ජ්‍යෙෂ්ඨ පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වූ ශ්‍රී ලාල් ගෝමස් මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත විය.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, පනත් කෙටුම්පත රහසිගත ලේඛනයක් නොවන බවත් අනවශ්‍ය ලෙස කඩිනමින් කළ ලේඛනයක් ද නොවන බවත්සෑම පටිපාටියක්ම සියයට සියයක් නිවැරැදිව අනුගමනය කළ ලේඛනයක් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
ජාතිවාදය හා අන්තවාදය හේතුවෙන් රට පරිහානියට පත් වූ බවත් එවැනි පිරිසක් අදටත් අපේ රට විනාශ කරමින් සුළු ජන කොටස්වල රුධිරය සහ අහිංසක අම්මාවරුන්ගේ කඳුළු මත පිහිනන්නට උත්සාහ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අධිකරණ යාන්ත්‍රණයක් නොවන බවත් එය සත්‍ය සෙවීම සඳහා වන යාන්ත්‍රණයක් පමණක් බවත් ත්‍රිවිධ හමුදාවේ මෙන්ම අපේරටේ කීර්තිමත් නාමය යළිත් තහවුරු කරන්නට මෙමඟින් හැකි වන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.