සයිප්‍රස්හි රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිකරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එරට කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍ය Zeta – Emillanidow මහත්මියගෙන් ඉල්ලා සිටි බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ''පුරනැගුම'' ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 46ක වියදමින් ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කෙරේ.
දිවිනැගුම නිවාස ලොතරැයි වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාර්තු සහ අප්‍රේල් මාසවල ජයග්‍රාහකයින් 38 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 38ක් වටිනා චෙක්පත් ප්රදානය කිරීම පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුවිය.
විදේශ රැකියා සඳහා වෘත්තීය මට්ටමේ රැකියා ලබා දීමෙන් ඉහළ වැටුප් හිමිවන බවත් එමඟින් ඉපයිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ඉතා ඉහළ බවත් විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර මහතා පවසයි.