මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ ජාතික මද්‍යසාර සමුළුව 2016 හෙට (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාපරිශ්‍රයේ දී පැවැත්වෙන බව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත 1980 අංක 26 දරන ආහාර පනතට අනුව බීම බෝතල්වල සිනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝග අගෝස්තු මස (01) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
දිවයින හරහා විශේෂයෙන්ම මධ්‍යම කදුකර ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී. 50 පමණ දක්වා) බලාපොරොත්තු වන අතර දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවිසරු පුරවර'' ව්‍යාපෘතියට සමගාමීව ඉදිකරන ලද මාළිගාවත්ත ප්‍රදීපා මාවතේ, නිවාස ඒකක 266කින් සමන්විත සියසෙත සෙවණ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.