පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු ලෙස 1034 දෙනෙකුට පුරප්පාඩු පවතින රෝහල්වලට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනතා ගැටළු සොයාබැලීම සඳහා සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් රත්ගම මැතිවරණ කොට්ඨාසයේ ගමින් ගමට ගොස් ජනතාව හමුවී තිබේ.
ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2016 - ව්‍යාපාර සමුළුව දෙස් විදෙස් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා, කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.