ගාල්ල මහින්ද විද්‍යාලයේ 125 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදුවන සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් ලෙස ඉදිවන තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම ආදි මහින්දීයන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මහජනතාවට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනිම සදහා රජයේ වෛද්‍ය ආයතන 842ක සුවදිවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
බෝනොවන රෝග පාලනය කිරීම සදහා දුම්කොළවලට එරෙහිව ගෙනයන ක්‍රියාමාර්ග තවත් වැඩි කිරිමට වත්මන් රජය පියවරගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ජල සම්පාදනය සහ සනීපාරක්ෂක කටයුතු සඳහා 2016 වර්ෂයේ පළමු කාර්තුව සඳහා රජය රුපියල් මිලියන 5,300ක් ආයෝජනය කර තිබේ.