තවමත් කොවිඩ් රෝගය සම්පූර්ණයෙන් තුරන් වී නොමැති බැවින් නීතියෙන් අනිවාර්ය කර නොතිබුණද හැකි සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම, දෑත් පිරිසිදුව තබාගැනීම ආදී සෞඛ්‍ය පුරුදු නොකඩවා අනුගමනය කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.
චීන රජය විසින් මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දෙන ලද ඩීසල් තොගය බෙදාහැරීම ඇරඹෙයි.
උතුරු මැද පළාතේ "රන් මාවත" නමින් ආරම්භ කරන ලද වැඩසටහනේ ප්‍රගතිසමාලෝචන රැස්වීමක් කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානයක්කාර මහතාගේ සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
2022 අපොස උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති , සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ.