සහනාධාර මත රටක් දියුණු කළ නොහැකි බවත් සහනාධාර මත යැපීම වෙනස් විය යුතු බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසිය.
පාර්ලිමේන්තුවවේ ස්වාධීන අයවැය කාර්යාලයක් පිහිටුවීම සඳහා ඉදිරි මාස කිහිපයේ දී අදාළ නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
සමාජ සුභ සාධනය මෙවර අයවැයෙන් අමතක කර නොමැති බවත් මුළු රාජ්‍ය වියදමෙන් බිලියන 852ක් සමාජ සුභදාධනය සඳහා වෙන් කර තිබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉකුත් මැයි මස 9 වැනිදා කළහකාරීන් විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (14) සිදු විය.