ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය තව දුරටත් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික සමුළුවේ දී සාකච්ඡා කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය ආයතන සම්ප්‍රදායක ක්‍රමවලින් බැහැරව උපාය මාර්ග සැළසුම් මඟින් අදායම වැඩි කර ගැනීමට ක්‍රියා කළ යුතු බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (09) ප්‍රකාශ කළේය.
රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් කඩිනමින් අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.