විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහි පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා හමු වෙයි
මැණික් කර්මාන්තයේ නියැලෙන රත්නපුර දිස්ත්‍රික්කයේ බැකෝ යොදාගෙන කරන පතල් 250 ක ප්‍රමාණය ඇතුළුව සමස්ත පතල් 4000 කට ආසන්න ප්‍රමාණයට ලංගම ඩිපෝ මගින් ඉන්ධන ක්‍රමවත්ව ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
ඉකුත් මැයි මස 9 වැනිදා ගිණි තබා විනාශකරන ලද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ගම්පහ, උඩුගම්පොළ පිහිටි දේශපාලන කාර්යාලය නැවත පිළිසකර කිරීම ප්‍රදේශවාසීන්ගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඊයේ (13) ආරම්භ කෙරිණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම් වළක්වාලීම සම්බන්ධව සාකච්ඡාවක් (13 දින) කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙර වනජීවි කාර්යාලයේ දී පැවැත්විණි .