පුරප්පාඩු වූ එජප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරයකු වූ වජිර අබේවර්ධන මහතා අද (27) දිවුරුම් දුන්නේ ය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් සහ ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවීහා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ලොව පුරා කොවිඩ් 19 වසංගතයේ නව ප්‍රභේදයක් ඉක්මණින් පැතිර යන අතර පසුගිය දින කිහිපය තුළ ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි විමක් නිරික්ෂණය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
පාර්ලිමේන්තුව අද පෙ.ව 10.00ට රැස්වීමට නියමිත අතර මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.