මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57 කින් සම්මත විය.
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙයි.
මෙවැනි ජාතික අර්බුදකාරි අවස්ථාවක දෙකේ පන්තියේ දේශපාලන සිතුවිලි ධාරාවෙන් බැහැර වී මෙම අර්බුදයෙන් ගොඩ ඒමට රටක් වශයෙන් එකට නැගිටීම සඳහා සර්වපාක්ෂික එකගතාවයක් ඇති කර ගැනීම සඳහා එකතුවන්නැයි ආරාධනා කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අරගල භූමිය රටේ පාලකයන් නෙරපා හැර,රට අස්ථාවර කරන,ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණ දියත්කරන තිප්පොළක් නොවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.