සිංගප්පූරුවේ දී පැවති ෂැංග්‍රිලා සංවාදය අතරතුර දී විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් මහතා, ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රිචර්ඩ් මාල්ස් මහතා හමුවිය.
දිවයින පුරා මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05කට පවරා ගැනීමේ වැඩපිළිවෙළක්ආරම්භ කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා (Mr. Katsuki Kataro) සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.