පසුගිය මහා කන්නයේ වගා කරන ලද වී වලින් ප්‍රමාණවත් වී තොග රට තුළ තිබෙන බැවින් ඉදිරි මාස හත තුළ සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී.
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ තොගයක් (10) දින ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රීඩා සංගමයට ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම විදේශ මුල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති රටේ තරුණ පරපුර කෘෂිකර්මාන්තය සඳහා ආකර්ෂණය කර ගත හැති වන පරිදි නව කෘෂිකාර්මික ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කර ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරමහතා උපදෙස් ලබා දී ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.