වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා නිල වශයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මාර්තු මස 15 දින පෙරවරු 10.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාත්‍රියේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
ශ්‍රී ලංකාවේ තේ, රබර්, පොල් ඇතුළු ප්‍රධාන වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට පසුගිය වසර ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ආයෝජනය කොට ඇතැයි වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පවසයි.
යහපලනය ගොඩනැඟීමට රජය පියවර ගෙන ඇති බවත් එය අගය කල යුතු බවත් දෙමළ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ද රජය පියවර ගෙන ඇති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.